මහේල කෝලිට පැරදෙයි

   

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරඟාවලිය නිමා වුණා.

    අවසාන එක්දින තරඟය නිමා වුණේ ලෝක වාර්තාවක් සමඟම ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් ලබාදෙමිනි.

    විරාට් කෝලිගේ අනුකම්පා විරහිත පිතිකරණය නිසා ඉන්දියාවට දැවැන්ත ජයක් ලබා ගැනීමට හැකි වුණා.

    විරාට් කෝලි නොදැවී ලබා ගත් ලකුණු 166 ත් සමඟ මහේල ජයවර්ධනව පසු කිරීමට කෝලිට හැකි වුණා.

    අපි දැන් කතා කරන්නේ ලෝකයේ එක්දින තරඟ වලදී වැඩිම මුළු ලකුණු ප්‍රමණයක් රැස්කර ගත් පිතිකරුවන් 10 දෙනා ගැනයි.

    මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් 3 දෙනෙකු ඇතුළත් වීමද විශේෂත්වයක්.

1. සචින් තෙන්ඩුල්කාර්

    එක්දින පිටියේ ලොව වැඩිම ලකුණු ප්‍රමාණයට හිමිකම් කියන්නේ සචින් තෙන්ඩුල්කාර්. ඔහු එක්දින තරඟ 463 කදී ලකුණු 18,426 ක් ලබාගෙන තිබෙනවා. සචින්ගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 44.83 ක්. සචින් ශතක 49 ක් රැස් කරගෙන තිබෙනවා. 


2. කුමාර් සංගක්කාර

    එක්දින පිටියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි තැන හිමිවන්නේ ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර හටයි. සංගක්කාර තරඟ 404 කදී ලකුණු14,234 ක් රැස් කරගෙන තිබෙනවා. ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 41.98 යි. එම ලකුණු අතරට ශතක 25 ක් ද ඇතුලත්.


3. රිකී පොන්ටින්

    මෙම ලැයිස්තුවේ තුන්වන තැන හිමිවන්නේ ඕස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් හටයි. රිකී පොන්ටින් තරඟ 375 ක් ක්‍රීඩා කර ඇති අතර ශතක 30 ක් සමඟ ලකුණු 13,704 ක් ලබාගෙන තිබෙනවා. ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 43.03 ක්.


4. සනත් ජයසූරිය

    ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සුපිරි ප්‍රවේගකාරි පිතිකරු  සනත් ජයසූරිය ලබාගෙන ඇති ලකුණු සංඛ‍යාව 13,430 ක්. සනත් මෙම ලකුණු ප්‍රමාණය ලබාගෙන තිබෙන්නේ තරඟ 445 කට මුහුණ දෙමින්. එයට ශතක 28 ක් ඇතුලත්. සනත් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය 189ක් වනවා. සනත් ජයසූරියගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 32.36 යි.


5. විරාට් කෝලි

    ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ලකුණු 166 ත් සමඟ කෝලි මෙම ලැයිස්තුවේ පස්වන ස්ථානය ලබාගැනීමට සමත් වුණා. ඒ මහේල ජයවර්ධන හයවන ස්ථානයට ඇද දමමින්. කෝලි තරඟ 268 කදී ලකුණු 12, 754 ක් ලබාගෙන තිබෙනවා. කෝලි ලබාගෙන ඇති ශතක ගණන 46 ක්.


6. මහේල ජයවර්ධන

    මහේල එක්දින තරඟ 448 කදී ලකුණු 12,065 ක් ලබාගෙන ඇති අතර එයට ශතක 19ක් ඇතුලත්. ඉනිමකදී මහේලගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 33.37 යි.

මහේල ඉනිමකදී ලබාගෙන ඇති වැඩිම ලකුණු ප්‍රමාණය 144 ක්. 

7. ඉන්සමාම් උල් හක්

    පකිස්තාන පිතිකරු ඉන්සමාම් උල් හක් මෙම ලකුණු සටහනේ හත්වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා. ඉන්සමාම් තරඟ 378 කදී ලකුණු 11,739 ක් රැස් කරගෙන තිබෙනවා. එයට ශතක 10ක් ද ඇතුලත්.


8. ජැක් කලීස් 

    ලකුණු 11,579 ක් ලබාගෙන තිබෙන දකුණු අප්‍රිකාණු ක්‍රීඩක ජැක් කලීස් මෙම සටහනේ 8 වන ස්ථානයේ රැදී සිටිනවා. ඔහු ක්‍රීඩ කර ඇති තරඟ සංඛ‍යාව 328 ක්. තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ජැක් කලීස් ශතක 17 ක්ද රැස් කරගෙන තිබෙනවා.


9. සව්රව් ගංගුලි

    ඉන්දියානු තුන් ඉරියව් ක්‍රීඩක සව්රව් ගංගුලි තරඟ 311 කදී ලකුණු 11,363 ක් රැස් කරගෙන තිබෙනවා. ඒ ශතක 22 ක් සමඟින්. 

10. රාහුල් ඩ්‍රාවිඩ්

    ශතක 12 ක් සමඟ ලකුණු 10,889 ක් ලබාගෙන මෙම සටහනේ 10 වන ස්ථානයේ රැදී සිටින්නේ රාහුල් ඩ්‍රාවිඩ්. මෙම ලකුණු ප්‍රමාණයට ශතක 12 ක් ඇතුලත්. ඩ්‍රාවිඩ් මේ වන ඉන්දියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.


තවත් ලිපි