චීනයේ ජනගහනය ලක්ෂ අට හමාරකින් (850,000) පහත වැටී තිබෙනවා. මේ බව 2022 ජන ගහන සංඛ්‍යා ලේඛන වාර්තාවෙන් පෙන්වා දෙනවා.
එම වාර්තාවට අනුව මහජන චීනයේ ජනගහනය බිලියන 1.41ක් වෙනවා.
මෙම ගණන් ගැනීමට හොංකොං,මැකාවෝ සහ තායිවානයේ පදිංචිකරුවන් මෙන්ම වෙනත් රටවල වෙසෙන චීන ජාතිකයින් ඇතුළත්ව නැහැ.
වර්තමානය වන විට චීන ජනගහනයෙන් 65.22%ක් නගරවල ජීවත්වන අතර ඔවුන්ගෙ ශ්‍රම බලකායෙන් 0.5%කින් හැකිලී තිබෙනවා.