වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (18 වැනිදා) ඕස්ට්‍රේලියාව සමඟ සහභාගි වූ තරඟයෙන් ලකුණු 108 ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නා.
කෙසේ වෙතත් ‘ඒ’ කාණ්ඩය යටතේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන තැන හිමි කරගෙන සිටින ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලබා ගත්තා.
සුපිරි 12 වටයේදී ශ්‍රී ලංකාව පළමු කාණ්ඩය යටතේ තරඟ වැදීමට නියමිතයි.
තරඟාවලියේ මූලික වටය යටතේ පැවති තරඟ තුනම ජයගත් බංග්ලාදේශය පළමු තැන හිමි කර ගනිමින් ද, එක් තරඟයක් පරාජයට පත් වූ ඕස්ට්‍රේලියාව දෙවැනි තැන හිමිකර ගනිමින් ද ‘ඒ’ කාණ්ඩයෙන් සුපිරි 12 වටයට හිමිකම් ලබා ගත් අනෙක් කණ්ඩායම් දෙක වනවා.
ඊයේ පැවති තරඟයේ දී පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 5 ක් දැවී ලකුණු 159 ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ පන්දුවාර 13 කදී සියලු දෙනා දැවී ලකුණු 51 ක් පමණයි.