තමන් කම්කරු පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් එළැඹෙන පෙබරවාරි මස 7 වැනිදා ඉල්ලා අස්වෙන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩර්න් මහත්මිය ප්‍රකාශ කළා.
ඒ අනුව, කම්කරු පක්ෂය සඳහා නව නායකයකු තෝරා පත් කර ගැනීම සඳහා නුඳුරේදීම ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතයි.
තමන් නවසීලන්ත අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ වසර හය ඉතාමත් අභියෝගාත්මක කාලයක් වූ බවත්, තමන් නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරඟ වැදීමට බලාපොරොත්තු නොවන බවත් අර්ඩර්න් මහත්මිය පෙන්වා දී තිබෙනවා.
2017 වසරේදී නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ලෙස වයස අවුරුදු 37 දී තේරී පත් වූ අතර ඇය, අග්‍රාමාත්‍ය ධුරය සඳහා තේරී පත් වූ ලොව ලාබාලතම රාජ්‍ය නායිකාවද වූවාය.