කොළඹ සරසවිය හා නූතන තරුණයා

වත්මන් තරුණ පරපුර අතර සයිබර් අවකාශය යනු දිය නොසිදෙන උල්පතක් වැනිය. එම නිසා දිනක කුමන හෝ හේතුවක් නිසා සයිබර් සබැදියාව බිද වැටේ ද, එයම තරුණ අසහනයට හේතුවක් වන්නේමැයි අපට ඉදුරාම කිව හැකිය.

මේ සමාජ විපරියාසයේ හැරවුම් ලක්ෂයේ මාද නියෝජනය වන්නෙක් නිසා දෙපසේ තිබෙන හොඳ නරක අත්දැකීමෙන්ම දනී.


අනූව දශකයේ සාහිත්‍යවාදී ආකල්පයන්ගේ ස්පර්ශයක් ලැබූ පරපුරේ අප, එකල යම් සිත් වේදනාවක් හෝ සිද්ධියක් නිසා හටගත් ආකල්පයක් නිසැදසක්, කවියක් බවට පෙරලා පොත් පිටු අතරේ සටහන් කළේය. නැතිනම් බිත්ති පුවත් පතෙක එල්ලා තැබුණි. ඒ අපේ රැහේ උන්ය.

එකල මගේ ගුරුවරයෙකු ආදරය ප්‍රකාශ කරන්නට පිටු හැට  ගණනක ලිපියක් ලියු බව කියා ඇත.

මගේ රැහේ උන්ට ආදර හසුන් ලිවීම නුහුරු දෙයක් නොවේ. කවි පද වැල්, සුවද විහිදුවන කාබන් පෑන්වලින් වයි වර්ණ කඩදාසිවල සටහන් කර පෙම්වතිය වෙත ලබාදීමට නිර්මාණාත්මක ක්‍රම සංවිධානය කිරීම එකල සුහුරු අත්දැකීම්ය.

ඇත්තෙන්ම ප්‍රේමය සාමූහික ව්‍යායාමයක් බවට පත්ව තිබුණි. ඒ නිසාම ඒ තුළ විශ්වාසය සහ ආරක්ෂාව සහතික විය. එහෙයින්ම ආදරය දළු ලා වැඩුණි.

ඉන් පසු සමාජ විපරියාසයත් එක්කම අපද ඇතුළුව සයිබරයට පෙම් බැන්දේ තම අත තිබූ පොත විසිකර මුහුණු පොත අතට හුරු කර ගනිමිනි.

අනූවෙන් පසු පස්සෙ මේ සියල්ල අඟල් ගණනක තිරයකට රාමු ගත විය.

තමන් සමඟ එකට ජීවත්වන සැමියාට මුහුණු පොත හරහා සුබ පතන බිරින්දෑවරු අද සමාජයේ සුලබය. පුද්ගලිකත්වයේ සියල්ල තිරයකට බදු දී ඇත.

කලාව තු මිනිසාගේ ඉවසීම, හික්මීම ඇතිවන බව සපත කරුණකි. නමුත් අද සරසවි ප්‍රවේශය ලබනු වස් නිර්දේශිත කෘති වලින් ඔබ්බට තම පරිශීලනය ගෙන යන තරුණ පිරිස සැබවින්ම අතලොස්සක් බවට පත්ව ඇත.

 

පසුගිය දිනක කොළඹ සරසවියේ  තිබූ පෙමක් සාහසික ඝාතනයකින් කෙලවර විය. එයට හේතූව තම පෙම්වතිය වෙනකෙකුට ලැබේයැයි ඇති වූ සිත් වේදනාව බව මාධ්‍ය වාර්තා කළේය.

මේ සිද්ධියේ විශේෂම කාරණය, විප්ප්‍රලම්භ ශුංගාරය කලාකාමීව විදීමට උගත්කමක්, හික්මීමක් හා ඉවසීමක් නොමැති වීම යැයි කියා සිතේ.

ඇත්තටම පොතක් කියවීම යනු භාවනාවකට සමය. දුරකථන තිරයක නිර්මාණකරණය සහ නිර්මාණ පරිශීලනය තුළ මනසට ඇති වන දැනීම අතර වෙනස පිළිබද විවාදයක් ඇත.


 චූදිත සරසවි සිසුවා තම මුහුණුපොතේ දක්වන ලද අදහස් තුළ ඔහුගේ චින්තනය යම් ප්‍රමාණයකට කියවා ගත හැකිය.

 කරුණු කෙසේ වෙතත් මා මේ සටහනඅවසන් කරන්නේ සමාජයට යේජනාවක් එක්කරමිනි..

අප දුරකථනයෙ සිටින වෙලාව පිළිබඳව අවබෝධයෙන් ඉන් අඩ කාලයක් පොතක් කියවීමට වැය කරන ලෙසට යෝජනා කරමි. මගේ දැනීම හැටියට වෙනස ඔබම අවබෝධ කරගනු ඇත.

එසේ නොවන්නට අපට සේකරලා, සරත්චන්ද්‍රලා, ප්‍රේමකීර්තිලා වැනි නිර්මාපකයන් අතීතයටම සින්න වනු ඇත.


තවත් ලිපි