චීනය සහ රුසියාව බදාදා (21) සිට නැඟෙනහිර චීන මුහුදේ සතියක ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් ආරම්භ කර ඇත.
මෙම ඒකාබද්ධ අභ්‍යාසයේ අරමුණ වන්නේ සමුද්‍රීය ආරක්ෂක තර්ජනයන්ට එරෙහිව එක්ව කටයුතු කිරීමේ උත්සාහයන් ශක්තිමත් කිරීමයි. එමෙන්ම කලාපීය සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා දෙපාර්ශවයේ අධිෂ්ඨානය හා හැකියාව ප්‍රදර්ශනය කිරීමයි.
මෙම යුධ අභ්‍යාස ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රවර්ධනය කරමින් සිටින “ඉන්දු-පැසිෆික් උපායමාර්ගය”ට පැහැදිලි පණිවිඩයක් ලබා දී ඇත.
චීන-රුසියා උපායමාර්ගික හවුල්කාරිත්වය නව යුගයක ආරම්භයක් බව චීන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.