ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන එන ලොව වැඩිම එක්දින කඩුලු ලාභීන්

   

    90 දශකයේ සිට පසුගිය වසර කිහිපයක් වන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් වල ස්වර්ණමය යුගයයි. අපේ ක්‍රීඩකයින් වාර්තා පිට වාර්තා තබමින්, තරඟ ජයගත් ආකාරය මුළු ලොවම පුදුමයට පත් කරන්නට සමත් වුණා.

    අපි අද කතා කරන්නේ ලොව වැඩිම කඩුලු ලාභීන් දසදෙනා ගැනයි. ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙන එමින් එම ලැයිස්තුවේ ස්ථාන ත්‍රිත්වයක්ම වෙන් කරගන්නට අපේ පන්දු යවන්නන් සමත් වෙලා තියෙනවා.


1. මුත්තයියා මුරලිදරන්

    ශ්‍රී ලංකාවේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් එක්දින පිටියේ වැඩිම කඩුලු ලාභියා වෙනවා. ඒ තරඟ 300 කදී කඩුලු 534 ක් ලබාගෙනයි.


2. වසීම් අක්‍රම්

    පාකිස්තාන කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම, ලොව පුරා පිතිකරුවන් භීතියට පත් කළ, වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසු වෙනවා. ඒ තරඟ 356 කට ක්‍රීඩා කර කඩුලු 502 ක් දවා ගනිමිනුයි.


3. වකාර් යුනිස්

    මෙම ලැයිස්තුවේ තෙවන ස්ථානයේ පසු වන්නේ පාකිස්තාන කණ්ඩායමේ තවත් සුපිරි වේග පන්දු යවන්නෙකු වන වකාර් යුනිස්. ඒ ඔහු ක්‍රීඩා කළ තරඟ 258 තුළදී කඩුලු 416 ක් ලබා ගනිමිනුයි.


4. චමින්ද වාස්

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කළ, ලොව ප්‍රබලම පිතිකරුවන්ට මහත් අභියෝගයක් වූ, වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් මෙම ලැයිස්තුවේ සිව්වන ස්ථානයේ රැදී සිටිනවා. ඔහු තරඟ 322 කට ක්‍රීඩා කරමින් ලබාගෙන ඇති කඩුලු ගණන 400 කි.


5. ශහීඩ් අෆ්‍රිඩි

    පාකිස්තානයේ තුන් ඉරියව් ක්‍රීඩක ශහීඩ් අෆ්‍රිඩි මෙම ලැයිස්තුවේ පස්වන ස්ථානයේ රැදී සිටින්නේ තරඟ 398 කට ක්‍රීඩා කරමින් කඩුලු 395 ක් ලබාගනිමින්ය.


6. ෂෝන් පොලොක්

    තරඟ 303 කට ක්‍රීඩා කරමින් කඩුලු 393 ක් බිඳහෙලා ඇති දකුණු අෆ්‍රිකානු කණ්ඩායමේ හිටපු නායක, වේග පන්දු යවන ක්‍රීඩක ෂෝන් පොලොක් මෙම ලැයිස්තුවේ සයවන ස්ථානයේ රැදී සිටිනවා.


7. ග්‍රේන් මැක්ග්‍රාත්

    ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින්, ආරම්භක වේග පන්දු යවන්නා වශයෙන් කටයුතු කළ ග්‍රේන් මැක්ග්‍රාත් මෙම ලැයිස්තුවේ සත්වන ස්ථානයේ රැදී සිටිනවා. ඒ ඔහු ක්‍රීඩා කළ තරඟ 250 තුළදී කඩුලු 383 ක් දවා ගනිමින්.


8. බ්‍රෙට් ලී

    ලොව බිහිවූ අති වේගවත් පන්දු යවන්නෙකු වන ඕස්ට්‍රේලියාවේ බ්‍රෙට් ලී මෙම ලැයිස්තුවේ අටවන ස්ථානයේ පසු වනවා. ඒ ඔහු ක්‍රීඩා කළ තරඟ 221 තුළදී කඩුලු 380 ක් දවා ගනිමින්.

9. ලසිත් මාලිංග

    "යෝකර් කිංග්" ලෙස විරුදාවලිය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නා ලෙස කටයුතු කළ, සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග මෙම ලැයිස්තුවේ නවවන ස්ථානයේ රැදී සිටිනවා. ඒ තරඟ 226 ක් ක්‍රීඩා කරමින් කඩුලු 338 ක් දවාගනිමින්.


10. අනිල් කුම්බ්ලේ

    ඉන්දියානු කණ්ඩායම නියෝජනය කළ, දඟ පන්දු යවන ක්‍රීඩක අනිල් කුම්බ්ලේ මෙම ලැයිස්තුවේ දසවන ස්ථානයේ රැදී සිටින්නේ කඩුලු 337 ක් ලබා ගනිමින්. ඒ වෙනුවෙන් ඔහු තරඟ 271 කට ක්‍රීඩා කළා


තවත් ලිපි