ලොව ප්‍රබලතම පාපන්දු ක්‍රීඩකයින් ත්‍රිත්වයක් ක්‍රීඩා කළ විනෝදාත්මක පාපන්දු තරඟයක් සවුදි අරාබියේ "කිංග් ෆහාඩ්" ක්‍රීඩාංගණයේදී ඊයේ (19) දින පැවැත්වුණා.
මෙම තරඟය පැවැත්වුණේ "PSG (Paris Saint Germain)" සහ "Al Nassr-Al Hilal Saudi All-Star XI" අතරයි.
ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී "PSG" කණ්ඩායමට නායකත්වය ලබාදෙන විට, පෘතුගාලයේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් "Al Nassr-Al Hilal Saudi All-Star XI" කණ්ඩායමට නායකත්වය ලබාදුන්නා.
ප්‍රංශයේ සුපිරි ක්‍රීඩක කිලන් ම්බාපේද මෙම තරඟයේදී "PSG" කණ්ඩායම නියෝජනය කළා.
ඉතා උණුසුම් සහ විනෝදාත්මක මුහුණුවරක් ගත් මෙම තරඟය 5 - 4 ක් ලෙස ජයගත්තේ "PSG" කණ්ඩායමයි.
මෙහිදී "PSG" කණ්ඩායම වෙනුවෙන් එහි නායක මෙසී සහ ම්බාපේ ගෝල එක බැගින් ලබාගත්තා.
"Al Nassr-Al Hilal Saudi All-Star XI" කණ්ඩායමේ නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝල ද්විත්වයක් ලබාගැනීමට සමත් වුණත්, එය මෙම තරඟය ජයගැනීම සඳහා ඔවුන්ට ප්‍රමාණවත් වූයේ නැහැ.
විචාරකයින්ගේ අදහස වන්නේ මෙසී සහ රොනාල්ඩෝ එකට ගැටුණ අවසන් තරඟය මෙම තරඟය වීමට බොහෝ ඉඩ කඩ ඇති බවටයි.