කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් රැගෙන අධ්‍යාපන චාරිකාවක ගිය පාසැල් බස් රථයක් නානු ඔය, රදැල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.
වාර අවසානයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා නුවරඑළිය ප්‍රදේශයට ගොස් නැවත එමින් සිටියදී මෙම කණගාටුදායක අනතුර සිදුව තිබේ.
අදාළ බස් රථය, වෑන් රථයක සහ තවත් ත්‍රිරෝද රථයක ගැටීමෙන් පසුව මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වේ.
මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර බස් රථයේ ගමන්ගත් පාසල් දරුවන් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුලත් කර ඇත.