වාර්තාගත කෝටි 96 රන් ටිකට්පත


    ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී, පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙන්ම ප්‍රංශයේ කිලන් ම්බාපේද සහභාගී වුණු විනෝදාත්මක පාපන්දු තරඟයක් පිළිබදව අපි ඊයේ (20) ලිපියක් පළ කළා.

    සවුදිය උණුසුම් කළ මෙසී සහ රොනාල්ඩෝගේ අවසන් ගැටුම

    අපි අද ඔයාලව දැනුවත් කරන්නේ මෙම තරඟයේදී සිදු වුණු සුවිශේෂී සිද්ධියක් පිළිබදවයි.

    ඒ තමයි, මෙම තරඟයේ එක් ටිකට්පතක් අමෙරිකානු ඩොලර් මිලියන 2.6 කට, ඒ කියන්නේ, ශ්‍රී ලංකා රුපියල් කෝටි 96 කට අළෙවි වෙලා තියෙනවා ටිකට්පත් දිනා ගැනීමේ වෙන්දේසියකදී, මෙම ටිකට්පත මිළදී ගෙන තිබෙන්නේ සවුදි අරාබියේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වෙන මුෂ්රෙෆ්  විසිනුයි.

    ඉතිං, මෙවැනි අධික මිළකට එම ටිකට්පත ඔහු මිළට ගැනීමට කෘතගුණ සැළකීමක් විදිහට මුෂ්රෙෆ්ට, ප්‍රධාන අමුත්තන් සමඟින් එකට අසුන් ගැනීමට මෙන්ම මෙසී, රොනාල්ඩෝ සහ ම්බාපේ එක්ක කතා බස් කරන්නටත් තරඟ සංවිධායකයින් අවස්ථාව ලබා දුන්නා.

    මෙම ටිකට්පතෙන් ලැබුණු වාර්තාගත මුදල සවුදි අරාබියේ පුණ්‍ය ආයතනයක් වෙත පරිත්‍යාග කිරීමටයි තරඟ සංවිධාකයින් විසින් තීරණය කර ඇත්තේ.

තවත් ලිපි