ලොව ප්‍රමුඛතම ටෙනිස් තරඟාවලියක් වන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය පසුගිය 13 වනදා ආරම්භ වුණා.
ඒ විචිත්‍රවත් සමාරම්භක උළෙලක් සමගිනුයි. එම සමාරම්භක උළෙල ශ්‍රී ලංකාවටත් සුවිශේෂී වුණා.
මෙහිදී ලොව ප්‍රබලතම ටෙනිස් ක්‍රීඩකයෙකු වන නොවැක් ඩ්ජොකොවික් සමගින් ප්‍රදර්ශනාත්මක තරඟයක ක්‍රීඩා කරන්න ශ්‍රී ලාංකිකයෙකු වන අවුරුදු 10 ක් වයසැති තාදී කරුණානායකට අවස්ථාව ලැබුණා.
ඕස්ට්‍රේලියාවේ අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන නික් කිර්ගියොස් සමගින් එක්ව තාදී, නොවැක් ඩ්ජොකොවික් සහ ඔහුගේ සගයාව පරාජය කරන්නටත් සමත් වුණා.
ඕස්ට්‍රේලියාවේ මෙල්බෝර්න් නුවර පැවැති මෙම තරඟයේ ප්‍රවේශපත් 15,000 ම අළෙවී වී තිබුණේ, ඒවා නිකුත් කර විනාඩි 30 ක් ගත වීමටත් පෙරයි.
තාදී කරුණානායක ඔහුගේ දෙමාපියන් සමගින් පදිංචිව සිටින්නේ මෙල්බෝර්න් නුවරයි. ඕස්ට්‍රේලියාව තුළ ඔහු ඔහුගේ වයස් කාණ්ඩයේ අංක 2 පසුවීම ඔහුට එම දුර්ලභ අවස්ථාව ලැබීමට හේතු වුණා.
තාදී , පසුගියදා අභාවප්‍රාප්ත වූ හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ මුණුබුරෙකි.