ශ්‍රී ලංකා පාපන්දුව FIFA අත්හිටුවයි


    FIFA (Fédération Internationale de Football Association) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබෙනවා.

    ඒ පෙරේදා (21) දින සිට ක්‍රියාත්මක වන පරිදියි.

    මෙම අත්හිටුවීමට හේතුව වන්නේ පසුගිය 14 වැනිදා පැවැති පාපන්දු නිලවරණයේදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනිසි මැදිහත්වීම සහ පොරොන්දු වූ පරිදි එහි ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීමයි.

    මෙම අත්හිටුවීම හේතුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිසිදු ක්‍රීඩකයෙකුට හෝ පුහුණුකරුවෙකුට FIFA අනුමැතිය යටතේ පැවැත්වෙන කිසිදු ජාත්‍යාන්තර පාපන්දු තරඟාවලියකට සහභාගී වීමට අවස්ථාව අහිමි වනවා.


තවත් ලිපි