ජසින්ඩා වෙනුවට ආ නවසීලන්තයේ නව අගමැති


    ජසින්ඩා අර්ඩර්න් නවසීලන්ත අගමැති ධූරයෙන් පසුගියදා ඉවත් වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව පුරවමින් ක්‍රිස් හිප්කින්ස් අද (25) උදෑසන එරට නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නා.

    නවසීලන්තයේ පාලක කම්කරු පක්ෂය විසින් හිප්කින්ස්ව අගමැතිධූරය සදහා නම් කරනු ලැබුවේ පසුගිය ඉරිදායි.

    නව අගමැතිවරයා වශයෙන් අද දින දිවුරුම් දුන් ක්‍රිස් හිප්කින්ස් පැවසුවේ "මෙය මාගේ ජීවිතයේ ලැබුණ ලොකුම වරප්‍රසාදය සහ වගකීමයි. මම ඉදිරි අභියෝග වලට මුහුණ දීමට ශක්තිමත්ව සහ උනන්දුවෙන් පසුවෙනවා".


    ලොව ලාබාලතම අගමැතිනිය වශයෙන් (අවුරුදු 37 දී), 2017 වසරේදී පත්වූ ජසින්ඩාගේ ධුර කාලය අවසන් වීමට තිබුණේ මෙම වසරේ අග භාගයේදීයි.


    නමුත්, කොරෝනා වසංගතය මෙන්ම, එරට සිදු වූ ගිණි කඳු පිපිරීම් සහ වෙඩි ප්‍රහාරයන් හේතුවෙන් ඇයගේ ජනප්‍රියත්වය පසුගිය වසර කිහිපය පුරාම ක්‍රමානුකූලව අඩු වුණා.

    අධික ආරථික උද්දමනයකින් පසු වූ එරට බහුතර වැසියන්ගේ මතය වුණේ ජසින්ඩා අගමැතිධූරයෙන් ඉවත් විය යුතු බවයි.

    ඒ අනුව, එම මතයට ගරු කළ ඇය පසුගිය සතියේ අගමැතිධූරයට සමුදුන්නා.


තවත් ලිපි