අද සවසත් පළාත් කිහිපයකට තද වැසි


    අද සවස් කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට ගිගිරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අද නිවේදනය කළා.

    මෙම වැසි තත්වය පසුගිය දින කිහිපයේදීද දැකගැනීමට හැකි වූ අතර, කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසයි.

තවත් ලිපි