නීති තද ඩුබායිවලත් "ස්පා" සැප පිරිල


ජායි ජුමෙයිරා දූපත ගැන කතා කරන්නෙ නැතිව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගැන කතා කරන්නට බෑ. ජායි ජුමෙයිරා නවීන ගෘහ නිර්මාණ ශිල්පයේ සැබෑ ආදර්ශයක්.
මෙම කෘතිම දිවයින හදන්න අල් හජාර් කන්ද කඩලා  වැලි  හැදුවා. ඒ මත ගොඩනැඟිලි හැදුව.

ලෝකයේ වේගයෙන්ම හැදෙන ඩුබායි

එකසත් අරාබි එමීර් රාජ්‍ය විදුලි වේගයෙන් ගොඩනැඟෙන රටක්. එහි ඩුබායි ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන නගරයයි. 1960 දශකයේදී ඩුබායි යනු වැලිගොඩක්. 
නමුත් අද ලෝකයේ දොඹකරවලින් 20%ක් ඇත්තෙ ඩුබායි වලයි. කොහොමද දියුණුව?

“ෆයිඩ් මෑන්හැටන්” හෙවත් අබුඩාබිය

මෑන් හැටන් නගරය ඇත්තෙ ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේයි. නමුත් අබුඩාබි නගරයේ ඉදි කිරීම් සිදුවන්නෙ මෑන් හැටන් නගරයේ ප්‍රතිනිර්මාණයක් විදිහටයි.

මේ නිසා දැන් අබුඩාබිය හඳුන්වන්නෙ “ෆයිඩ් මෑන්හැටන්” කියලයි. හේතුව මෙහි ඇති දරුණු තාපය නිසයි. මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 දක්වා ඉහළ අගයක් ගන්නවා.

කළු අදින්නෙ ඉක්මණින් ගෙදර යන්නලු

ඇඳුම් පැළැඳුම් අඳුරුවන තරමට ඒවා උණුසුම් වන බව රහසක් නෙවෙයි. නමුත් එක්සත් එමීර් රාජ්‍යයේ කාන්තාවන් තනිකරම කළු ඇඳුම් අදින අතර ඔවුන්ගෙ ස්වාමි පුරුෂයින් සුදු ඇඳුම් අදින්නෙ ඇයි?

ඊට බොහෝ හේතු තිබෙන්නට පුළුවන. නමුත් පාරම්පරික කතාවක්ද එහි තියෙනවා. කාන්තාවන්ට කළු ඇඳුම් ඇන්දුවහොත් උණුසුම නිසා ඔවුන් ඉක්මණට ගෙදර එනව කියල මෙහි විශ්වාසයක් ද පවතිනවා.

ඒසී හයි කළ බස් හෝල්ට්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තියෙන දරුණු උෂ්ණත්වය නිසා එහි බස් නැවැතුම් පලවල් වායු සමීකරණය කරල. උණුසුම් සමයේදී මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 දක්වා ඉහළ යන අතර ගිම්හාන රාත්‍රියකදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 30කට වඩා අඩු  වන්නෙ නෑ.

දවස් තුනකට වරක්  බියුටි සැලෝන් යන අරාබි පිරිමි

අරාබි පිරිමින් රූපය ගැන සැලැකිලිමත්. බොහෝ පිරිමින් දින තුනකට සැරයක් බියුටි සැලෝනයකට යනවා. මේ රූපලාවන්‍යාගාරවල මිල ගණන් ඩොලර් 100 සිට 1000 දක්වා තියෙනවා. ඒ අනුව ඒවායේ සත්කාරයන්ද විවිධයි.

ඒ වගේම ධනවත් පිරිමින් දිනකට 4 සැරැයක්වත් ඇඳුම් මාරු කරනව වගේම  ඔවුන් සතුව සාමාන්‍යයෙන් ඇඳුම් කට්ටල 50ක්වත් තියෙනවා.

කාන්තාවන්ද විලාසිතාවන්ගෙන් සරැසුනත් ඒවා පිටස්තරයින් ඉදිරියේ කළු ඇඳුමෙන් වැහිල යනවා.

මොටර් රථයේ අංකයෙන් පොහොසත්කම මනින හැටි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෝටර් රථ අංක කීපයකින්ම තියෙනවා. එක, දෙක, තුන, හතර, පහ ආදී වශයෙන්. මේ අංකවලින් ඔහුගේ සමාජ මට්ටම පෙන්නනවා.

පොදු ඉලක්කම් 5ක් තියෙන වාහන සාමාන්‍ය මිනිසුන්ටයි. රජයේ නිලධාරීන් පදින්නෙ සාමාන්‍යයෙන් අංක හතරක් තියෙන වාහනයි.

බලගතු ව්‍යාපාරිකයින් සහ ප්‍රාදේශීය ෂෙයික්වරුන්ගේ පවුල්වල අය පදින්නෙ අංක තුනක් තියෙන වාහනයි.

ඉලක්කම් දෙකක් තියෙන වාහන ඊටත් වඩා ධනවත් අයටයි.
තනි ඉලක්කමේ වාහන අයිති පාලක පවුලේ අයටයි.

රත්රන් කප්කේක් හා රන් වැසිකිලි


ඩුබායි හි මාල් කැෆේ  රත්රන් කප්කේක් කෑමට ගත හැකි ලොව එකම තැනයි. ඉන් එකක් ඩොලර් 1000ක් ය.


ඒ වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  බොහෝ සුඛෝපභෝගී හෝටල්වල රන් වැසිකිලි සහ ටොයිලට් පේපර්ද තියෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේත් ගණිකා මඩම්


අපි දන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති තදයි කියලයි. නමුත් ඒ තද නීතිද කැඩිල.  නීති විරෝධී සෑම දෙයක්ම   භූගතව තියෙනවා. උදාහරණයක්, ඩුබායිවල ගණිකා මඩම් සහ සම්බාහන මධ්‍යස්ථානද සුලබයි.

අහස උසට මාළිගා හැදෙන විට සම්බාහන සැලොන් දුප්පත් කාන්තාවන්ට මුදල් උපයන මාර්ග වෙලා.

කාන්තාවන් සඳහා විශේෂ කුලී රථ


ඩුබායිවල කාන්තාවන් සඳහාම විශේෂ කුලී රථ සේවාවක් තියෙනවා. එම කාර් රථ රෝස පාට මොස්තරයකින් සරසලා තියෙනවා.

ආකර්ෂණීය ඩුබායි මැද මුඩුක්කු


ආකර්ෂණීය ඩුබායිවල බොහෝ දුප්පතුන් යන්තමින් ජීවිතය ගැට ගහ ගන්නා මුඩුක්කුද නැතුවා නෙවෙයි. ඩුබායිවල දුප්පත් මිනිස්සු ඉන්නෙ සෝනා පූර්වලයි. ඇත්ත වශයෙන්ම ඒක මිනිස්සු ලක්ෂ එකහමාරකට වැඩියෙන් ඉන්න මුඩුක්කුවක්.

පාන් බෙදන යන්තරේ


කෝටිපතියන් ජීවත්වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවන වියදමද අහස උසට නැඟලා. ඒ නිසාම දුප්පතුන්ට නොමිලේ පාන් ලබාගන්න පුළුවන් මැෂින් තැනින් තැන හයි කරලත් තියෙනවා.

සමාජ ජාලා තහනම්


මේ රටේ පාලකයන් සමාජ ජාලා හානි කර බව විශ්වාස කරනවා. ඒ නිසාම බොහෝ වර්ගයේ පණිවිඩකරුවන් තහනම් කරල තියෙනවා.

සතුට බෙදන අමාත්‍යංශය


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්තෝෂය පිළිබඳ අමාත්‍යංශයක්ද  තියෙනවා. ඒක ආරම්භ කරල තියෙන්නෙ සමාජ සුබ සාධනය සහ සතුට නිර්මාණය කිරීමටයි. මෙහි අමාත්‍යවරිය අවුරුදු 22ක තරුණියක්. ඇගේ නම Ohood Al Roumi 


 

තවත් ලිපි