මේ වන විට බොංගාල බොක්ක ආශ්‍රිතව හටගෙන තිබෙන පීඩන අවපාතය අද (31) සවස් වන විට වයඹ දෙසටත්, ඉන් අනතුරුව දකුණට බරව නිරිත දිග දෙසටත් ගමන් කිරීමට නියමිතයි.
ඒ අනුව, අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත්, මාතලේ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.