පසුගියදා අවසන් වූ වයස අවුරුදු 19 පහළ කාන්තා ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ඒ අවසන් තරඟයේදී, එංගලන්ත කණ්ඩායම කඩුළු 07 කින් පරාජය කරමිනි.
මෙම අවසන් තරඟයේදී, කාසිය වාසිය දිනූ ඉන්දීයානු කණ්ඩායමේ ඇරැයුමෙන් මුලින් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායමට සියලුම දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 68 ක් පමණි.
ජයග්‍රහණය සදහා ලකුණු 69 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියානු ක්‍රීඩිකාවෝ පන්දුවාර 14 ක් තුළදී, කඩුළු 03 ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.