ජනවාරියේ නත්තල සමරන රටක්

අපි ජීවත් වන්නෙ 2023 වසරේයි. ඒක ඔබ අපි කවුරුත් දන්න කාරණයක්.

මුළු ලෝකයම 2023 වසරේ ජීවත් වෙද්දි තවමත් 2015 වසරේ ජීවත්වන මිනිසුන් සිටින රටක් තිබෙනවා කිව්වොත් ඔබ පිළිගන්නවාද?

ඇත්තටම එහෙම රටක් තියෙනවා. අපි මේ කියන්න යන්නෙ තාමත් 2015 අවුරුද්දෙ ජීවත්වන රටක් ගැනයි.

මුළු ලෝකයම පිළිගන්න කැලැන්ඩරයට මාස 12ක් තියෙනවා. නමුත් අපි කතා කරන මේ රටේ කැලැන්ඩරයට අවුරුද්දකට මාස 13ක් තිබෙනවා.

ඒ නිසයි මේ රට තාම 2015 අවුරුද්දෙ ඉන්නෙ. ඉතියෝපියාව තමයි මේ රට.

සෑම මාස 13කට වරක් තමයි ඉතියෝපියාවට අවුරුද්දක් උදා වෙන්නෙ.

මෙයට හේතුව තමයි ඉතියෝපියාවේ කැලැන්ඩරය පුරාණ දින දර්ශනයකට අනුව සකසා තිබීමයි.


ඉතියෝපියාව භාවිතා කරන්නෙ “ ජූලියස් සීසර්” විසින් නිර්මාණය කළ දින දර්ශනයයි. සීසර් එය යෝජනා කළේ ක්‍රි.පූ.46 වන සියවසයේදීයි. එයට ජූලියන් කැලැන්ඩරය කියලත් කියනවා.

අනෙකුත් රටවල් අනුගමනය කරන්නෙ ග්‍රෙගෝරියානු දින දර්ශනයයි. එය XIII වන ග්‍රෙගරි පාප්තුමා විසින් ක්‍රි.ව. 1582දී හඳුන්වා දී තිබෙනවා.


එම නිසා අපේ කැලැන්ඩරයට අනුව  ඉතියෝපියාව මේ වන විට පසු වන්නෙ 2015 අවුරුද්දෙයි.

අපේ කැලැන්ඩරයට අනුව ඔවුන්ගෙ නව වසර සැප්තැම්බර් 11 වන දින උදා වෙනවා.

ඉතියෝපියාවේ දින දර්ශනයට අනුව ඔවුන් නත්තල සමරන්නෙ අපේ කැලැන්ඩරයට අනුව 2023 ජනවාරි 7 වැනිදායි.

තවත් ලිපි