190 වැනි උපන්දිනය සැමරූ ජොනතන්


මේ වනවිට ලොව වයස්ගතම ගොඩබිම සත්වයා ලෙසින් සැළකෙන "ජොනතන්" පසුගියදා 190 වැනි උපන්දිනය සැමරුවා.

මොහු සීසෙල්ස් රාජ්‍යයේ උපත ලැබූ යෝධ ඉබ්බෙක්.

මේ වනවිට ශාන්ත හෙලීනා වල ආණ්ඩුකාරවරයාගේ නිවසේ ජීවත් වන මෙම ගොඩබිම වයස්ගතම සත්වයාගේ 190 වැනි උපන්දිනය සැමැරීම වෙනුවෙන් ඔහුව නැරැඹීම සඳහා දින 3 ක කාලයක් ආණ්ඩුකාරවරයාගේ නිවස මහජනයාට විවෘත වුණා.

1832 වසරේ උපත ලැබූ ජොනතත්ව ශාන්ත හෙලීනාහි එවකට ආණ්ඩුකාරවරයා වෙත ත්‍යාගයක් වශයෙනුයි සීසෙල්ස් රාජ්‍ය විසින් ලබා දුන්නේ.

තවත් ලිපි