අපිට මේ දවස්වල පාපන්දු කියද්දි මතකයට එන ප්‍රබල නම් කිහිපයක්ම තියෙනවා. ලයනල් මෙසී, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, නෙයිමාර්, කිලෙන් ම්බාපේ මේ අතරින් ඉහළින්ම ඉන්නවා.
ලොව වැඩිම මුදලක් ගෙවන ක්‍රීඩා අතරින් ප්‍රමුඛතම ක්‍රීඩාවක් වන පාපන්දු ක්‍රීඩාවේ ඉහළින්ම සිටින මෙම සුපිරි තරු ලොව ධනවත්ම ක්‍රීඩකයින් ලෙසිනුයි සැළැකෙන්නේ.
ඒත් ඔයාලට පුදුම හිතෙයි ලොව ධනවත්ම පාපන්දු ක්‍රීඩකයා මෙම ප්‍රබල ක්‍රීඩකයින්ගෙන් එක් අයෙකුවත් නෙමෙයි කියලා දැනගත්තාම.
ඒ පාපන්දු ක්‍රීඩකයා තමයි "චොන්බුරි තායි පාපන්දු සමාජයට" ක්‍රීඩා කරන ෆයික් බොල්කියාහ්.
ඔහුගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 20 ක්.
හැබැයි, මොහු වෘත්තීයම මට්ටමේ පාපන්දු ක්‍රීඩකයෙකු වුණාට ලොව ධනවත්ම පාපන්දු ක්‍රීඩකයා වුණේ පාපන්දු ක්‍රීඩාවෙන්ම මුදල් උපයලා නෙමෙයි.
බොල්කියාහ් තමයි බෲනායි රාජ්‍යයේ වර්තමාන කුමරු වන ජෙෆ්රි බොල්කියාහ්ගේ පුත්‍රයා. ඒ වගේම බෲනායි රාජ්‍යයේ නායකයා, ඒ කියන්නේ සුල්තාන්වරයා වන හසනාල් බොල්කියාහ් ඔහුගේ මාමා කෙනෙකු වනවා.
ඉතිං, රජ පෙළපතෙන් ලැබුණු අති විශාල ධනය හේතුවෙන් මේ වන විට ලොව ධනවත්ම පාපන්දු ක්‍රීඩකයා වන්නේ, අපි නිකමටවත් නොහිතපු ෆයික් බොල්කියාහ්.