ෆින්ලන්තය, ස්වීඩනය ඇතුළු යුරෝපානු රටවල් 6 කට සෑම වසරකම නිශ්චිත කාල සීමාවකදී හිරු බැස යන්නේම නැහැ.
මෙම රටවලට මාස කිසිපයක් නොකඩවාම හිරු එළිය ලැබෙන අතර තවත් මාස කිහිපයක් හිරු එළිය ලැබෙන්නේම නැහැ.
1. ස්වීඩනය
ස්වීඩනයට මාස 4 ක පමණ කාලයක් නොකඩවා හිරු එළිය ලැබෙනවා.
2. ෆින්ලන්තය
වසන්ත සෘතුවේදී නොකඩවා දින 73 ක් හිරු එළිය ලැබෙන ෆින්ලන්තයට, සීත සෘතුවේදී හිරු එළිය ලැබෙන්නේම නැහැ.
මේ හේතුවෙන් එරට වැසියන් වසන්ත සෘතුවේදී අඩුවෙන් නිදාගැනීමට සහ සීත සෘතුවේදී වැඩිපුර නිදාගැනීමටයි පුරුදුව සිටින්නේ.
3. නෝර්වේ
Land of the Midnight Sun යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන නෝර්වේ රාජ්‍යයට නොකඩවා දින 76 ක් හිරු එළිය ලැබෙනවා.
ඒ වසරේ, මැයි මස සිට ජුලි මස අග දක්වායි.
4. කැනඩාව
කැනඩාවේ නුනවුත් ප්‍රදේශයට මාස දෙකක පමණ කාලයක් නොකඩවා හිරු එළිය ලැබෙන අතර දින 30 ක පමණ කාලයක් හිරු එළිය ලැබෙන්නේම නැහැ.
5. අයිස්ලන්තය
මදුරුවන්ගෙන් තොර ලොව එකම රට ලෙසද ප්‍රසිද්ධ අයිස්ලන්තයට වසරේ ජුනි මාසයේදී නොකඩවා හිරු එළිය ලැබෙනවා.
6. බැරෝ, ඇලස්කා
මෙම ප්‍රදේශයට වසරේ මැයි අහ සිට ජුලි අග දක්වා නොකඩවා හිරු එළිය ලැබෙන අතර නොවැම්බර් මාසය පුරා හිරු එළිය ලැබෙන්නේම නැහැ.