ඉන්දියාව පකිස්තානයට යන්න බෑම කියයි


මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු T20 තරඟාවලියේ සත්කාරකත්වය පිළිබදව මේ වන විට මත ගැටුමක් ඇති වී තිබෙනවා.

ඒ මෙවර සත්කාරකත්වය හිමි පකිස්තානයේ සංචාරය කිරීම සඳහා ඉන්දියානු කණ්ඩායම ප්‍රතික්ෂේප කිරීමත් සමඟිනුයි.

පසුගියදා බහරේනයේදී රැස්වූ ආසියානු ක්‍රිකට් කවුන්සලයේ (ACC) විධායක සභාවට මේ පිළිබදව අවසන් තීරණයක් ගැනීමට නොහැකි වුණේ පකිතානය විසින් ඉන්දියාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

ඒ අනුව, ලබන මස (මාර්තු) නැවතත් ආසියානු ක්‍රිකට් කවුන්සලයේ (ACC) විධායක සභාව රැස්වී මේ පිළිබදව අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

තවත් ලිපි