ශ්‍රී ලංකාව ලෝක කුසලානය තියුණු ජයකින් අරඹයි


2023 ICC  කාන්තා T20 ලෝක කුසලානය අරඹමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමත් සමග පැවැති පළමු තරඟයෙන් ලකුණු 03 ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (10) සමත් වූවා.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 129 ක් රැස් කර ගත්තා.

මෙහිදී ප්‍රවේගකාරි පිතිහරඹයක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු විසින් ලකුණු 68 ක් රැස්කළේ පන්දු 50 කට පමණක් මුහුණ දෙමිනුයි.


පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළදී කඩුලු 9 ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 126 ක් පමණයි.


තවත් ලිපි