ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරඟය අද


2023 ICC කාන්තා T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරඟය අද පැවැත්වෙනවා.

ඒ, බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 10.30 ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන් සහභාගී වූ පළමු තරඟයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ විශිෂ්ඨ ජයක් ලැබීමට සමත් විය.



තවත් ලිපි