2023 ICC කාන්තා T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ දෙවන තරඟයෙන්ද විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ ඊයේ (12) දින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 07 කින් පරාජයට පත් කරමිනි.
කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය මුලින් පන්දුවට පහරදී කඩුලු 08 ක් දැවී රැස් කර ගත් ලකුණු ගණන 126 කි.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03 ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තේ තවත් පන්දු 10 ක් ඉතිරිව තිබියදීයි.
ශ්‍රි ලංකා කණ්ඩායම පසුගියදා දකුණු අප්‍රිකානු කණ්ඩායමත් සමඟින් පැවැති පළමු තරඟයද ජය ගත්තා.
ඒ අනුව, A කාණ්ඩයේ අපරාජිතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, ප්‍රසාද ලකුණු 04 ක් ලබාගනිමින් එම කාණ්ඩයේ පෙරමුණේද පසුවනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළග තරඟය එළැඹෙන 16 වනදා ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් සමඟින් පැවැත්වීමට නියමිතයි.