"ආදරවන්තයින්ගේ දිනය" ගවයොත් එක්ක සමරන ඉන්දියානුවෝ


සෑම අවුරුද්දකම අද වගේ දවසක් කියන්නේ, ඒ කියන්නේ පෙබරවාරි 14 කියන්නේ ලෝකවාසි සියළුම ආදරවන්තයින්ට විශේෂ දවසක්.

තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සමඟින් තමන්ගේ ආදරය විශේෂයෙන් සමරන්න වෙන් කර ගත්තු දවස තමයි අද.

බහුතරයක් ආදරවන්තයින් ඒ විදිහට ආදරය සමරද්දි, ඉන්දියාවේ අමුතු විදිහකට ආදරවන්තයින්ගේ දිනය සමරනවා.

ඒ තමයි, ගවයින්ට හොඳින් ආහාර ලබාදී, ඔවුන්ගේ හිස, බෙල්ල පිරිමැද ආශිර්වාද ලබාගනිමින් මෙම දිනය සැමරීමට ඉන්දියාවේ උත්තර ප්‍රාන්ත වැසියන් කටයුතු කිරීම.

මේ වන විට, පෙබරවාරි 14 දින "ගව වැළැදගැනීමේ දිනය" වශයෙනුත් ඉන්දියාව නම් කර තිබෙනවා.

තවත් ලිපි