ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ තරඟ ගාස්තුව තුන් ගුණයක් දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව, මෙතෙක් එක් තරඟයක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් ලබාදුන් අමෙරිකානු ඩොලර් 250 ක මුදල වෙනුවට අමෙරිකානු ඩොලර් 750 ක් ලබා දීමට නියමිතයි.
එමෙන්ම, ජයග්‍රහණය කරනු ලබන තරඟයක් වෙනුවෙන් එක් ක්‍රීඩිකාවකට අමෙරිකානු ඩොලර් 250 ක ප්‍රසාද දීමනාවක්ද ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන 2023 ICC කාන්තා T20 ලෝක කුසලානයේදී විශිෂ්ඨ දක්ෂතා දක්වමින් සිටියදී, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව මෙම තරඟ ගාස්තු වැඩි කිරීමට තීරණය කිරීම විශේෂත්වයක් වනවා.