2023 ICC කාන්තා T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තුන්වන තරඟය අද (16) දින ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන් සහභාගී වූ පළමු තරඟ දෙකම ජය ගනිමින් "A" කාණ්ඩයේ දෙවන තැන පසුවද්දී, ඕස්ට්‍රේලියානු කණ්ඩායමද සහභාගී වූ පළමු තරඟ දෙකම ජයගෙන පළමු ස්ථානයේ පසුවන්නේ ඔවුන්ගේ "දළ ලකුණු අගය" ඉහළ අගයක පැවැතීම හේතුවෙනි.
මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස 6.30 ට ආරම්භ වීමට නියමිතයි.