මේ රටේ දුප්පතා ගැන ශත පහක තැකීමක් නැතිව කරන්ට් බිල වැඩි කර තිබෙනවා. බිල වැඩි වී තිබෙන්නෙම දුප්පතාගේය.
රටේ ජනගහනයෙන් දුප්පත්ම සීයට 10 අතරින් සීයට 81ක්ම මාසයකට පාවිච්චි කරන්නෙ කිලෝ වොට් පැය 60කට අඩු විදුලියකි.
ඒ අනුව අනුව මාසික විදුලි ඒකක 30 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ රුපියල් 214 ක මාසික විදුලි ගාස්තුව සියයට 251 කින් ඉහළ දමා ඇත. නව මාසික ගාස්තුව රුපියල් 753 කි.
විදුලි ඒකක 30 දක්වා පාවිච්චි කරන මේ රටේ දුප්පත්ම පිරිස ලක්ෂ 15කට ආසන්නය.
විදුලි ඒකක 31 ත් 60 ත් අතර පැවැති රුපියල් 677 ක විදුලි ගාස්තුව සියයට 221 කින් ඉහළ දමමින් එම ගාස්තුව රුපියල් 2,178 ක් බවට පත්කර තිබෙනවා.
එම පිරිස පහළොස් ලක්ෂ පනස් දහකට වැඩිය.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේම දත්ත අනුව රටේ දුප්පත්ම 10% අතරින් සමෘද්ධි සහනාධාරය පවා ලැබෙන්නෙ 40%කටය.
ඒ කියන්නෙ දුප්පත්ම 10%න් සීයට 60කට සමෘද්ධි සහනාධාරයවත් ලැබෙන්නෙ නැති බවයි.
එම නිසා මේ කරන්ට් බිල වැඩි කිරීම දුප්පතාටත් වැඩි කරපු උන්ටත් හෙණ හතම වදින්නකි.