"හෙට ඉර පායවි" - ලෝක කුසලාන ගමන අවසන් වූ පසු චමරි අතපත්තුගෙන් ප්‍රකාශයක්


සමාරම්භක තරඟයේදී සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව විශිෂ්ඨ ජයග්‍රහණයකින් මෙවර කාන්තා T20 ලෝක කුසලානය ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන පසුගියදා නිමා වුණා.

ඒ නවසීලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 102 ක දැවැන්ත පරාජයක් ලැබීමත් සමඟයි.

එම පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර T20 ලෝක කුසලානයේ අර්ධ අවසන් තරඟ සඳහා අවස්ථාව අහිමි වුණා.

ඒ පිළිබදව අඳහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙසේ පැවැසුවා.

"ලෝකෙ ඉවර නැහැ. හෙට ඉර පායාවි. මට අවශ්‍ය අනාගතය සඳහා හොඳ කණ්ඩායමක් ගොඩනගන්නයි. අද මට කණගාටුදායක දවසක් වුණාට මම දැන් අවධානය යොමු කරන්නේ මීළඟ තරඟාවලිය පිළිබදවයි."

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ මීළඟ තරඟාවලිය සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායමත් සමඟින් පැවැත්වීමට නියමිතයි.


තවත් ලිපි