ශ්‍රී ලංකා "A" කණ්ඩායම සහ සංචාරක එංගලන්ත Lions කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන තීරණාත්මක අවසන් එක්දින තරඟයේ පළමු භාගය නිමා වන විට ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා "A" කණ්ඩායම සමත්ව සිටිනවා.
කාසියේ වාසිය දිනා, මුලින් පන්දුවට පහරදුන් එංගලන්ත Lions කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් පන්දුවාර 45 ක් තුළදී ලකුණු 166 කට දැවී ගියා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා "A" කණ්ඩායම මේ වන විට පන්දුවාර 5 කදී කිසිවෙකු නොදැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 20 කි.
මේ වන විට කණ්ඩායම් දෙකම මෙම තරඟාවලියේ එක් තරඟය බැගින් ජයගෙන සම තත්වයේ පසුවනවා.