ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන සහ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට මෙවර Pakistan Super League (PSL) තරඟාවලිට අහිමි වී තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැවැත්වෙන දේශීය තරඟ සහ එළැඹෙන මස ආරම්භ වීමට නියමිත නවසීලන්ත තරඟ සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වනිඳුගේ අවශ්‍යතාවය හේතුවෙනි.
වනිඳු මෙවර PSL තරඟාවලියේ Quetta Gladiators කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමටයි ගිවිසුම් අත්සන් කර තිබුණේ.
ඒ අනුව, එම කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණය කර ඇත්තේ වනිඳුගේ අඩුව පිරවීම සඳහා ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක ක්වස් අහ්මඩ්ව කණ්ඩායමට කැඳවීමටයි.