රුසියානු හැකර් ප්‍රහාරයෙන් යුරෝපා සංගමයට උතුර - දකුණ මාරු වෙලා

යුක්ක්‍රේන යුද්ධය ආරම්භයේ දී  යුරෝපා සංගමය විසින් රුසියානු මහ බැංකුව සතු යුරෝ බිලියන 300ක් තහනම් කර තිබෙනවා. මෙම මුදල් දැන් යුරෝපා සංගමයට සොයා ගැනීමට නොහැකි වෙලා.

යුක්රේනය නැවත ගොඩනැගීම සඳහා මෙම මුදල් ලබා ගැනීමට යුරෝපා සංගමයට දැන් අවශ්‍ය වෙලා තිබුණත් ඒවාට සිදු වී ඇති දේ  සොයා ගැනීමට බැරි වෙලා තියෙනවා. මේ බව හෙළි වූයේ ඔවුන් අතර හුවමාරු වූ ලිපියකින්.

පසු ගිය අඟහරුවාදා (21) යුරෝපීය පාර්ලිමේන්තුවේ මූල්‍ය කමිටුවේ සාමාජිකයින් 45 දෙනෙකු යුරෝපා සංගමයේ නායකයින්ට ලිපියක් යවා තිබෙනවා.

එහි  සඳහන්ව ඇත්තෙ යුරෝපා  සංගමය  අවහිර කර ඇති රුසියානු බිලියනපතීන්ගේ අරමුදල්වල තනි ලේඛනයක් නිර්මාණය කරන ලෙස ඉල්ලා සිටියත් එම මුදල්  අස්ථාන ගත වී ඇති ආකාරය අනුව එවැනි ලේඛනයක් සැකසිය නොහැකි බවයි.

මේ අනුව "තත්වය පිළිබඳ පැහැදිලි චිත්‍රයක්" ලබා ගැනීම සඳහා අත්පත් කර ගත් රුසියානු මුදල් කොහේ ගියේ දැයි යන්න පිළිබඳ තොරතුරු තමන් සමඟ බෙදා ගැනීමට යුරෝපා සංගමයේ සාමාජික රටවල් දිරිමත් කරන ලෙසත් ඔවුන් එම ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

යුක්ක්‍රේන යුද්ධයේ ආරම්භයෙන් පසු, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ "බිග් සෙවන්" හි රටවල් රුසියාවේ රන් හා විනිමය සංචිතයෙන් අඩක් හෝ ඩොලර් බිලියන 300 කට ආසන්න ප්‍රමාණයක් අවහිර කළ බව නිවේදනය කළා.

මීට පෙර යුරෝපා කොමිසම මේ වත්කම් ලාභ ලැබීම වෙනුවෙන් ආයෝජනය කළ හැකි අරමුදලකට පැවරීමට යෝජනා කර තිබුණා.

ඒ අනුව යුක්ක්‍රේනය ප්‍රතිසංස්කරණය කිරීමට අවම වශයෙන් යුරෝ බිලියන 33.8 වත්කම් රුසියානු මහ බැංකුවේ වත්කම් වලින් තාවකාලිකව භාවිතා කිරීමට යුරෝපා සංගමයේ සාමාජික රටවලට නීතිමය බලය පවරා තිබුණා.

නමුත් දැන් මේ වත්කම් යුරෝපා සංගමයට හොයා ගැනීමට බැරි වී තිබෙනවා. ඒවා රුසියානු හැකර්වරුන් විසින් යළි රුසියාවටම  රැගෙන ගියා දෝයි සැක මතු වී තිබෙනවා.


තවත් ලිපි