ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ තීරණාතමක තරඟාවලියක් වන ශ්‍රී ලංකා - නවසීලන්ත තරඟාවලිය හෙට ඇරඹෙනවා.
තරඟ 2 කින් සමන්විත මෙම තරඟාවලියේ පළමු තරඟය හෙට ආරම්භ වන්නේ ක්‍රිස්ට්චර්ච්හිදියී.
මෙම තරඟාවලිය ශ්‍රී ලංකාවට තීරණාත්මක වන්නේ, මෙම තරඟ 2 ම ජයගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීම සඳහා අවස්ථාවක් නිර්මාණය වීම හේතුවෙනි.
මේ දක්වා ටෙස්ට් තරඟාවලි 9 කට නවසීලන්තයේදී මුහුණ දී ඇති ශ්‍රී ලංකාව, ජයගෙන ඇත්තේ එක් තරඟාවලියක් පමණයි. ඒද, 1 - 0 ක් වශයෙනි.
ඒ හේතුවෙන් මෙම තරඟාවලියේ තරඟ 2 ම ජයගැනීම අභියෝගයක් වන නමුත්, ජයගතහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසය නැවත නිර්මණය කිරීමකි.