ශ්‍රී ලංකා - නවසීලන්ත තරඟයට වර්ෂාවෙන් බාධා


අද ක්‍රිස්ට්චර්ච්හිදී ඇරැඹි ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයට මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

තණකොල වලින් ගහණ තණතිල්ලේ පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ නායකයා ශ්‍රී ලංකාවට ආරාධනා කළා.


ඒ අනුව, මුලින් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 61.3 ක් අවසානයේ වර්ෂාව ඇදහැලෙන විට කඩුලු 4 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 250 කි.


මෙහිදී විශිෂ්ඨ පිතිහරඹයක යෙදුනු කුසල් මෙන්ඩිස් ලකුණු 87 කුත්, නායක දිමුත් කරුණාරත්න ලකුණු 50 කුත් රැස් කිරීමට සමත් වුණා.




තවත් ලිපි