රටවල් රැසක Instagram බිඳවැටෙයි


ඊයේ (බදාදා) දින රටවල් රැසක Instagram බිඳවැටීමකට ලක් වුණා.

DownDetecter වෙබ් අඩවියට අනුව, අමෙරිකාවේ පරිශීලකයින් 46,000 ක් විසින් තමන්ට ගිණුමට ඇතුලු වීමට නොහැකි වූ බවට වාර්තා කර තිබෙනවා.

මීට අමතරව මහා බ්‍රිතාන්‍යයේ පරිශීලකයින් 2000 කටත්, ඉන්දියාවේ සහ ඕස්ට්‍රේලියාවේ පරිශීලකයින් 1000 කටත් මෙම බිඳවැටීම බලපා තිබෙනවා.

රොයිටර්ස් ආයතනය ආයතනය මේ පිළිබදව Meta ආයතනයෙන් විමසා සිටියද ඔවුන් ප්‍රතිචාර දැක්වීමෙන් වැළැකී සිටියා.

තවත් ලිපි