මීට සුළු මොහොතකට පෙර අවසන් වූ ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් තියුණු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ, තරඟයේ අවසන් පන්දුවේදී විලියම්සන් විසින් ලබාගත් ලකුණත් සමඟිනුයි.
ශ්‍රී ලංකාව තම ඉණිම දෙක තුළ පිළිවෙලින් ලකුණු 355 ක් සහ 302 ක් ලබාගනිද්දී, නවසීලන්තය තම පළමු ඉණිම සඳහා රැස් කළ ලකුණු ගණන 377 කි.
ඒ අනුව, ජයග්‍රහණය සඳහා ලකුණු 285 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය තරඟයේ අවසන් පන්දුවේදී කඩුලු 8 ක් දැවී තම ඉලක්කය සපුරා ගත්තා.
මෙම පරාජයත් සමඟින් ICC ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තිබූ අවස්ථාව අහිමි වනවා.