ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා, සුපිරි පිතිකරු චමරි අතපත්තු විසින් පසුගියදා වේගවත් ශතකයක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ, පාකිස්තානයේ සුපර් ලීග් පන්දුවාර 20 තරඟාවලියට සමගාමීව පැවැත්වෙන ප්‍රදර්ශනාත්මක කාන්තා ලීගයේදීයී.
සුපර් වුමන් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරන චමරි, එම ලීගයේ 3 වන තරඟයේදී ඇමසන්ස් කණ්ඩායමට එරෙහිවයි එම ශතකය රැස් කළේ.
මේ දිනවල පැවැත්වෙන IPL කාන්තා ලීගයේ වෙන්දේසිය සඳහාද චමරි අතපත්තු ඇතුළත්ව සිටියද, කිසිදු කණ්ඩායමක් විසින් ඇයව මිළදී ගත්තේ නැහැ.
එය ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ක්‍රීඩා ලෝලීන්ගේද දැඩි විවේචනයට ලක් වුණා.
මෙම වේගවත් ශතකය චමරි විසින් IPL හිමිකරුවන් වෙත ලබාදුන් කඳිම පිළිතුරක් බවයි ජාත්‍යාන්තර ක්‍රිකට් විචාරකයින්ගේ මතය වන්නේ.