මෙවර කාන්තා පාපන්දු ලෝක කුසලානය සඳහා ක්‍රිඩා කරන ක්‍රීඩිකාවන් විසින් තම ත්‍යාග මුදල් වැඩි කරන ලෙස FIFA ආයතනයෙන් ඉල්ලා තිබෙනවා.
ලොව පුරා විසිර සිටින ජාත්‍යාන්තර පාපන්දු ක්‍රීඩිකාවන් 150 ක් විසින් FIFA වෙත ලිපියක් යොමු කරමින් මෙලෙස ඉල්ලා ඇත්තේ පිරිමි පාපන්දු තරඟ සඳහා ගෙවන මුදලට සමාන මුදලක් තමන්ටද ලබා දීමට කටයුතු කරන ලෙසයි.
පසුගිය වසරේ පැවැති පිරිමි පාපන්දු ලෝක කුසලානයේ ජයග්‍රාහී කණ්ඩායම බවට පත් වූ ආර්ජන්ටිනාවට අමෙරිකානු මිලියන 42 ක මුදලක් හිමි වූ අතර තරඟාවලිය පුරා කණ්ඩායම් සියල්ල අතර බෙදී ගිය මුළු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 440 ක්.
නමුත්, පසුගිය වර පැවැති කාන්තා පාපන්දු ලෝක කුසලානය ජයගත් අමෙරිකානු කණ්ඩායමට හිමි වූයේ අමෙරිකානු ඩොලර් මිලියන 4 ක මුදලක් පමණි. ඒ, තරඟාවලිය පුරා බෙදී ගිය අමෙරිකානු ඩොලර් මිලියන 30 ක මුදලෙනි.
මෙවර 2023 කාන්තා පාපන්දු ලෝක කුසලානය එළැඹෙන ඔක්තෝම්බර් මාසයේදී, ඕස්ට්‍රේලියාවේදී සහ නවසීලන්තයේදී ආරම්භ වීමට නියමිතයි.