නොකඩවා ඇදහැලුන වර්ෂාව හේතුවෙන් අද දින ක්‍රිස්ට්චර්ච්හිදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවන එක්දින ක්‍රිකට් තරඟය අතහැර දැමීමට තරඟ තීරකවරයා කටයුතු කළා.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, කණ්ඩායම් දෙක අතරේ ප්‍රසාද ලකුණු සමසේ බෙදී යාමට නියමිතයි.
මෙම තරඟාවලියේ පළමු තරඟය ජයගත් නවසීලන්ත කණ්ඩායම 1 - 0 ක් වශයෙන් පෙරමුණ ගෙන සිටිනවා.
දෙරට අතර තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරඟය එළැඹෙන සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.30 ට ආරම්භ වීමට නියමිතයි.