රොමාරියෝගේ ගිණිකෙළිය කොදෙව්වන්ගේ ජය තහවුරු කරයි


සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟින් ඊයේ පැවැති 3 වන සහ අවසන් T20 තරඟයෙන් ලකුණු 7 ක තියුණු ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව, ඔවුන් විසින් තරඟ 2 - 1 ක් වශයෙන් T20 තරඟාවලියද ජයගත්තා.

මුලින් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 220 කි.

එහිදී, රොමාරියෝ ෂෙෆර්ඩ් විසින් පන්දු 22 කට පමණක් මුහුණ දෙමින් නොදැවී ලකුණු 44 ක් රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 221 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානුවන්ට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 213 ක් පමණයි.

තවත් ලිපි