අද දින රටේ පළාත් රැසක උෂ්ණත්වය අවදානම් සහගත ලෙස ඉහළ යනු ඇති බවට කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් අනතුරු අඟවනවා.
මෙලෙස වැඩිම අවදානමකට ලක්ව ඇත්තේ කොළඹ, ගම්පහ, කුරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව, වව්නියාව, මුලතිව්, හම්බන්තොට යන දිස්ත්‍රික්කත්, නැගෙනහිර පළාතේ සියළුම දිස්ත්‍රික්කයනුත්ය.
ඒ අනුව, වැඩි වේලාවක් අව්වට නිරාවරණය නොවන ලෙසත්, වැඩිපුර ජලය පානය කරන ලෙසත්, හැකි තරම් සුදු පැහැති ඇදුම් අඳින ලෙසත් එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.