ජයග්‍රාගී ලෙස දෙවන දිනය ඇරැඹීමට ශ්‍රී ලංකාව සූදානම්


ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.

මෙම තරඟයේ පළමු දිනය වූ ඊයේ දිනය අවසන් වන විට තරඟයේ සියළු ගෞරව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියා.

පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය නිමාවන විට කඩුලු 4 ක් දැවී ලබාගෙන සිටි ලකුණු ගණන 386 ක්.

මෙහිදී, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ලකුණු 179 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 140 ක් ලබාගැනීමට සමත් වුණා.

තරඟයේ දෙවන දිනය තව ස්වල්ප වේලාවකින් ආරම්භ කිරීමට නියමිතයි.


තවත් ලිපි