සංචාරක අයර්ලන්ත කණ්ඩායමත් සමඟින් පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම තම ජයග්‍රහණය සඳහා ලඟා වෙමින් සිටිනවා.
ඒ අද දෙවන දිනය නිමාවන විට අයර්ලන්ත කණ්ඩායමේ කඩුලු 7 ක් ලකුණු 117 ක් තුළ දවාගනිමින්.
මෙහිදී, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 42 කට කඩුලු 5 ක් බිදහෙළීමට දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 597 ක් ලබා සිටියදී තම පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
ඒ අනුව, මේ වනවිට අයර්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 474 ක් පිටුපසිනුයි පසුවන්නේ.
තරඟයේ තෙවැනි දිනය හෙටයි.