ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයේ කාලසටහන මෙන්න

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම  2023 නව වසර ආරම්භ කරන්නේ ඉන්දියානු සංචාරයකින්.

    ඒ අනුව අපේ කණ්ඩායම, ඉන්දියාවත් එක්ක විස්සයි - විස්ස තරඟ තුනකටත්, එක් දින තරඟ තුනකටත් සහභාගී වෙනවා.

    තරඟාවලිය ආරම්භ කරමින් පළමු විස්සයි - විස්ස තරඟය 2023 ජනාවාරි මාසයේ 03 වෙනිදා මුම්බායි වල වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

    මේ තරඟාවලිය අවසන් වෙන්නේ ජනවාරි 15 වෙනිදා තිරිවනන්තපුරම් වල පැවැත්වෙන එක් දින තරඟයෙන්.

    මෙම තරඟාවලියේ අලුත්ම පුවත් ඔබ වෙත එසැණින් ගෙන ඒමට අපි සූදානම්.

    තරඟාවලියේ සම්පූර්ණ කාලසටහන පහතින් බලා ගන්න පුළුවන්.


තවත් ලිපි