ලබන මස මුල් සතියේදී ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය සඳහා උප නායකයන් දෙන්නෙක් පත් කරල තියෙනවා.
දස්කම් අතර නිරන්තරයෙන් රැඳී සිටීමේ අර්බුදයකට මුහුණ දී සිටින දසුන් ශානක පීඩනයට පත් කරමින් ඔහුගෙන් උපරිමය ලබාගැනීම තමයි ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ බලාපොරොත්තුව.
ඒ අනුව ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරඟාවලියේදී දසුන් ශානකගේ උප නායකයා විදිහට වනිඳු හසරංග පත් කරල තියෙනවා.
එක්දින තරඟාවලියේ උප නායකයා විදිහට කුසල් මෙන්ඩිස් පත් කරලා තියෙනවා.
වසර දෙක තුනක ඉදන්ම ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේත්, එක්දින කණ්ඩායමේත් නායකත්වය දරන දසුන් ශානක ඉඳහිට සාර්ථකත්වයක් පෙන්නුම් කළාට එයාගෙ දස්කම් දිගින් දිගටම පවත්වාගෙන යාමේ අසීරුතාවකට මුහුණ දීලා ඉන්නවා.
පහු ගිය අගෝස්තුවේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පල්ලෙකැළේදී පැවැත් වුණ තුන්වැනි විස්සයි-20 තරඟයේදී නොදැවී ලකුණු 54 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියත් දසුන් ශානකගේ ඊළඟ ඉනිම් 5 (එක්දින තරඟ වලදී) සටහන් වූයේ ලකුණු 6, 34, 0, 4 සහ 1 ක් විදිහටයි.
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති එක්දින තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තට එහි තරඟ 5 කදී දසුන්ගේ ලකුණු ගණන 45 යි.
ඒ වගේම දසුන්ගේ පන්දු යැවීමේ වාර්තාව ඔහුට කළ හැකි මට්ටමෙන් ගොඩාක් පහළ මට්ටමකයි තියෙන්නෙ.
2022 වසර පුරාම එක්දින තරඟ 11 කට ක්‍රීඩා කරපු දසුන් යවලා තියෙන්නේ ඕවර 17ක් විතරයි .
එක්දින තරඟ 11කදී දසුන් දවාගෙන තියෙන්නේ කඩුලු දෙකයි.
විස්සයි-20 තරඟ 25කදී දවාගෙන තියෙන්නේ කඩුලු 4 ක් විතරයි.
මේ තත්වයන් යටතේ දසුන් ශානක තවදුරටත් කණ්ඩායමේ මඟියෙකු නොකර, ඔහුගෙන් කණ්ඩායමට උපරිමය ලබාගන්නයි මේ වෙනස්කම්වල බලාපොරොත්තුව.
අපි බලමු මේ අලුත් තුරුම්පුවත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේදි සාර්ථක වෙයිද කියලා!!