තමන් ඇතුළු කණ්ඩායම චෝදනා බොහොම අඩු, හොඳ වැදගත් පිළිගැනීමක් තියෙන මන්ත්‍රීවරු පිරිසක් නිසා "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ අපි තමයි" යනුවෙන් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ අද (29) පැවැති මාධ්‍ය හමුවේදීයි. එම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ කතරගම, කිරිවෙහෙරේ පැවැත්වෙන පිංකමක් පිළිබඳව දැනුම් දීමටයි.
අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට මන්ත්‍රීවරු 9ක් මේ වන විට සම්බන්ධ වී සිටිනවා.