#රැට්ටා,ඩිලාන්,දමිතලා,Motivation අප්පච්චිලා,පැතුම් කර්නල්ලා,අප්පුහාමිලා ගැන මතකද? නැත්නම් අමතකද?
ඒ තමයි පහුගිය කාලයේ අපේ රටේ වීරයෝ. එහෙව් වීරයින්ව පුංචි අපිට එහෙම අමතක වෙනවාද? නැත්නම් අමතක කරන්න පුළුවන් ද?
අමතක වෙලා වගේ තිබ්බ වේලාවක නුගේගොඩ පාගොඩ පාරේදි හඩ කෑවිම් ශිල්පි ඩිලාන් සේනානායකට පිහි ඇනුමක් එල්ල වෙනවා.වසන්තලාට ඇප අහිමි වෙද්දි දිරිගැන්වීමේ අප්පච්චිලා මාධ්‍ය හමු තියෙනවා.අනේ මන්දා එයාලා නැවත අපේ මතකයට ඔය විදියට එනවා.
#Go Home Gota# කියලා රැල්ලට කිව්වා වගේම හෑෂ් ටැග් පවා ගහපු අපිට උඩ ඉන්න සමාජ මාධ්‍ය ක්‍රියාධරයන් වීරයෝ වගේ පෙනුණ එකේ පට්ට අසාධාරණයක් තියෙනවා කියලා මට නම් තාම හිතෙන්නේම නැහැ...
ඩිලාන්ට පිහියෙන් ඇණපු ආරංචිය කන වැකුණු වේලේ ඉදලා මගේ ඇගේ මාලු නටනවා.ඇනපු එකාව කුදලගන්නකන්..ඒ අස්සේ ඒකා අරගලයට වියදම් කලේ NGO කාරයෝ, උදව් කරේ අපි..අනේ අපි රැවටුණා වගේ කතා කියමින් FB Live ආපු විදිය මතක් වෙද්දි ආයේ එකා ගැන තිබුණ සංවේගය නැති වෙලා.." අඩේ මු මහා බොරුකාරයෙක් නේද" කියලා මතක් වුණාම ඇතිවුණේ ආවේගයක්.ඒ කතා වැඩක් නැහැ. ඩිලාන්ට ඉක්මන් සුවය පතනවා.
ඩිලාන්ට ඉක්මන් සුවය පතන ගමන් ඕන්න..ඕන්න....
දමිතා අක්කිව මතකයට එනවා...පොලිස් ඇප අරන් බෙන්ස් කාර් එකේ ගිය එයා තාම අපි අතරට ආවේ නැහැනේ කියලා මතක් වුණාම,බඩ පපුව හෝස් ගහලා යනවා.අඩුම ගානේ දමිතා අක්කිට තිබ්බා ඩිලාන් අයියාව බලන්න Hospital හරි යන්න...
#අයියෝ සාමි......
අර මීගමුවේ ඉදන් කුරුසයක් කරේ තියාගෙන..පාද සලන් එක්ක නාගසලං වගේ වැනි වැනි පාරේ වැඩපු අප්පුහාමි අයියා..කෝ අප්පා එය...අනේ මන්දා, මිනිහාට මේ නත්තලේවත් කවුරු හරි සහෝදරයෙක් ටී - ෂර්ට් එකක් අරන් දෙයිද මන්දා.
ඊළග පාර පොරව දකිනකොට මල් මල් ටී ෂර්ට් එකකින් සැරසි ඉන්න ලැබෙනවා නම් ඒ ඇති.
#" ඊළගට,පාර්ලිමේන්තුව අපි අල්ලනවා...ඉක්මනට වරෙල්ලා....."
ඒ හඩ පැතුම් අයියාගේ...අනේ අයියා කියපු හින්දා පාර්ලිමේන්තුව අල්ලන්න ආපු අපිට දකින්නට ලැබුණේ..එහෙම ආපු ඈයෝ රණවිරුගායට දුන්නු තිත්ත කසාය සහ රණවිරුවන්ගේ රිටන් පෝරියල් එක.
# "කපා කපා කෑලි කපා අප වළකනු සිතනු එපා.." කියපු වසන්ත සහෝදරයා...අනේ තාම හිරේ...
ඒකා එක්ක පාරට බැහැලා ඔය වචන සෙට් එක ගැම්මෙන් කියපු සහෝදරවරු අනේ අන්න....රනිලාගේ පොලිස්සිය එක්ක අල්ලන් සෙල්ලම් කරලා හති දානවා මහ හයියෙන්..
"..පුතේ මං ආයේ නැගිටා පුතේ......"
කියලා කොල්ලෝ කෙල්ලන්ව Motivation කරපු ආඩම්බර අප්පච්චි අන්න අරහේ Media Show වල...
ඔන්න අපේ වීරයෝ අද ඉන්න තැන්. ආ...මට තව එක ප්‍රශ්නයක් තියෙනවා...අර පොලිස් හෙල්මට් එකත් විසිකරලා අපේ අරගලයත් එක්ක සෙට් වෙච්ච සැරයන් රාළහාමි දැන් මොනවා කරනවා ඇද්ද..
ඒ කාලයේ Uniform ගලවලා වරෙල්ලා උඹලාට අපි රස්සා දෙන්නම් කියලා...Job bank ඕන තරම් අරගල භූමියේ දාපු ලොකු අයියලා ඒ වීරයින්ට දැන් කන්න බොන්න දෙනවා ඇති කියලා හිතෙනවා...
#අපෝ...ඒ කාලේ අපි Social Media වල රගපු රැගිලි .දැන් ඉතින් අපිට හති.
අන්තිමට නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ වගේ වැඩක් තමයි අපිට සෙට් වුණේ...
හොදම වැඩේ කියන්නේ
රෑ පුරා, මදුරුවෝ තලා, කෑ ගසා හඩ තලා, අරගල කරපු බිමේ රනිල් සීයා කානිවල් දාන එක..😪
බෑන්ඩ් ගහලා..කැරොල් ගයලා,මල්වෙඩි යවලා,අත්පුඩි ගහලා අද ඒ අරගල භූමියම නයිට් මේලා එකක් වෙලා.
ඔලුවක් නැති අරගලයක අද අපි මතකයක් පමණක්ම වෙලා.
අන්තිමට කියන්න තියෙන්නේ ඔය ඔය Fb චරිත වල ඉත්තෝ වෙලා අපි අමාරුවේ වැටුණා..රනිලා ජනාධිපති වුණා..කියලා..
අහෝ...!!!
අපිට වුණ වියෝවා...!!!
දුකයි,ලැජ්ජයි,තිත්තයි...
මීට
අරගල අප්පුවා.