ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හා හැටන් නැෂනල් බැංකුව එක්ව ණය ලබාදීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරලා.
මේ වැඩ සටහන මඟින් කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබා ගැනීමේ පහසුකම් සලසලා තියෙනවා. ඒ සඳහා වෙන් කරල තියෙන මුදල ඩොලර් මිලියන 4ක්.
USAID කියන්නෙ ඇමෙරිකානු රජයේ අනු දැනුම ඇතිව ක්‍රියාත්මක වන ආයතනයක්. ලෝකයේ රට රටවලට අනිසි විදිහට ඇඟිලි ගහනවා කියල මේ ආයතනයට ගොඩක් චෝදනා එල්ල වෙලා තියෙනවා.
මේ ආයතනයේ පරිපාලක සමන්තා පවර් පසුගිය සැප්තැම්බර් මාසයේ ලංකාවට ආවා. ඇය ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ආරක්ෂක ලේකම්වරියක්.