ඡවි කළ්‍යාණිය වඩවන ගස් ලබු ඇට

   අපි දිනපතා ගන්න ආහාර වේලට පළතුරක් එකතු කර ගැනීම ඉතා සුදුසු බව වෛද්‍යවරුන් පවසනවා. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ඒක ඉතාම වැදගත් කරුණක්.

   නොයෙකුත් පළතුරු අතර ඕනෑම කාලයක ආහාරයට ගත හැකි පළතුරක් විදිහට ගස් ලබු එහෙමත් නැත්නම් පැපොල් හඳුන්වන්න පුළුවන්.

   පෝෂ්‍යදායි ගුණයෙන් ඉහළ ගස් ලබු අපි කොයි තරම් අනුභව කරල තිබුණත් ගස් ලබු ඇට අපි විසි කරනවා.


   නමුත් ගස් ලබු ඇට ආහාරයට ගැනීම ගැන ඔබ මීට කලින් අහල නැතුව ඇති.

   ගස් ලබු ඇට ආහාරයට ගැනීමෙන් කැස්ස සහ උණ රෝගය සමනය කිරීමට විශාල පිටිවහලක් ලැබෙනවා.

   ඒ වගේම රුධිර පීඩනය පාලනය කර හදවත නිසි ආකාරයෙන් ක්‍රියා කරවීමට ගස් ලබු ඇටවලට පුළුවන්.

   දිනපතා ගස් ලබු ඇට ආහාරයට ගන්න අයගේ ප්‍රතිශක්තිකරණය අනෙක් අයට වඩා ඉහළ බව පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා.


   ගස් ලබු ඇට ආහාරයට ගැනීමෙන් උදරාබාධ සමනය වෙනවා.

   ගස් ලබු ඇටවල “ප්‍රොටියෝලයිටින්” එන්සයිම අඩංගු වන නිසා බඩ වැල්වලට එය ඉතා හොඳයි.

   ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන්ට ගස් ලබු ඇට ආහාරයට ගැනීම ඉතා ගුණදායක බවයි පැවැසෙන්නෙ.

   ගස් ලබු ඇටවල තන්තු විශාල ප්‍රමාණයක් අඩංගු නිසා එය තරබාරුකම පාලනයටද ඉවහල් වෙනවා.

   ඒ වගේම ශරීරයේ සහ මුහුණේ දීප්තිමත් බවද වැඩි කරනවා.

   පැපොල් ඇට හොඳින් වේලාගෙන කුඩුකර තේ හැඳි ½ක් උණු වතුරට දමා පානය කිරීමෙන් ඔබට විශ්මිත ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

තවත් ලිපි